Home දේශපාලනය රජය මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක !

රජය මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක !

by Free News
0 comment

මැතිවරණ මුදල් සීමා කිරීමේ පනතේ අඩු වැඩි වශයෙන් යම් යම් දේවල් තිබුණත් පුළුල් අර්ථයෙන් එය හොඳ පනතක් බවත් එය සිස්ටම් චේන්ජ් එකට ද වැදගත් දෙයක් බවත් යම් යම් සංශෝධන තිබුණත් එය සාකච්ඡා මාර්ගයෙන් සිදු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ දිනවල පුංචි ඡන්දයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරන නිසා මේ පනත අතිශය වැදගත් වුවත් එය ක්‍රියාත්මක කරන කාලය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින බවත් මේ තුළින් ව්‍යාකූලත්වයක් ක්‍රියාත්මක වන බවත් යම් හෙයකින් මෙය සම්මත වුවහොත් මාර්තුවේ දී පවත්වන පළාත් පාලන මැතිවරණයට එය යම් බාධාවක් වන බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුව අමතමිනි.

මේ කෙටුම්පතට අනුව අපේක්ෂකයන් තමන්ගේ වියදම් සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සැපයිය යුතු බවත් එය ඉදිරිපත් නොකළහොත් වරදක් බවත් එසේ වුවහොත් පෙත්සමක් වුව ඉදිරිපත් විය හැකි බවත් මෙය ඉතා හොඳ වගන්තියක් වුවත් 2023 මාර්තු මැතිවරණය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මේ කෙටුම්පත සම්මත වීමත් සමඟ රෙගුලාසි පැනවීම නිසා මාර්තු මුල් සතියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වන බවත් ඒ තුළින් රජය විසින් මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවත් එය ජනතාව ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital