Home දේශපාලනය රජයේ වියදම් තවදුරටත් සීමා කරන්න – ජනපති රනිල්

රජයේ වියදම් තවදුරටත් සීමා කරන්න – ජනපති රනිල්

by Free News
0 comment

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය ආදායම වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින පැවැත්වීම හේතුවෙන් රජයේ වියදම් කපා හැරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ දී දැනුම් දී ඇත්තේ.

රජයේ ආදායම් සියලු වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඔහු පෙන්වා දී ඇත්තේ දැනට ලැබෙන ආදායමෙන් සිදුකළ හැක්කේ වැටුප් සහ විශ්‍රාම දීමනා, සුබසාධක, ඖෂධ සහ ණය සේවාකරණය පමණක් බවයි.

ඊට අමතරව රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙසත් ඒවායෙහි වියදම් සඳහා පෞද්ගලිකව වගකීමට සිදුවනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

 

 

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital