Home දේශපාලනය රජයේ මුදල් සාපරාධී පරිහරණය කළැයි චෝදනා ලද පා. මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු තුනක් නිදොස් කොට නිදහස් කෙරේ !

රජයේ මුදල් සාපරාධී පරිහරණය කළැයි චෝදනා ලද පා. මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු තුනක් නිදොස් කොට නිදහස් කෙරේ !

by Free News
0 comment

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී “තාරුණ්‍යට හෙටක්” සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම තුළන් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම තීන්දුව ලබාදුන්නේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවය.

ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් නියෝගයේ සඳහන් වුණි.

නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වන්නේ විනිමය හා සුරැකම්පත් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් යන අය ද ඇතුළත්ව සිටී.

නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් එම නඩුව ගොනුකර තිබුණි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital