Home දේශීය පුවත් රජගල ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ සංරක්ෂණ ව්‍යාපෘතිය කඩිනමින් නිමා කිරීමට උපදෙස්

රජගල ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ සංරක්ෂණ ව්‍යාපෘතිය කඩිනමින් නිමා කිරීමට උපදෙස්

by Free News
0 comment

අම්පාර, උහන, රජගල ඓතිහාසික පුරාවිද්‍යා භූමිය දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීම සදහා සංරක්ෂණ සහ යටිතල පහසුකම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා උපදෙස් ලබා දෙයි.

රජගල පුරාවිද්‍යා පුද බිම පැරණි දිගාමඩුල්ලේ ෙඑතිහාසික උරුමය ලොවට කියාපාන මෙම පුද බිම ලෙන් 130ක් ඇතුළු දැකුම්කලු ස්වභාව සෞන්දර්යයෙන් අනූන අක්කර 1000කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් පුරා විහිදී ගිය ලංකායේ විශාලතම බෞද්ධ සේනාසනයක් ලෙස හැදින්වේ.

මෙම භූමිය පුරා විසිරුණු පුරාවිද්‍යා නටබුන් රාශියක කැණීම් සහ අදියර කිහිපයකින් සමන්විත වූ දැවැන්ත සංරක්ෂණ වැඩසටහන කඩිනමින් අවසන් කිරීමටත්, දෙස් විදෙස් සංචාරකයන් සදහා නැරඹීමට සුදුසු ආකාරයෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබාදීම අමාත්‍යවරයා විසින් සිදු කළේය. ඇමති විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

එහිදී ඇමතිවරයා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණි.

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital