ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා සහාය විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා සහ මාලදිවයින් කලාපය සම්බන්ධ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.
සමෘද්ධි ඇතුළු සුබසාධක දීමනා ගෙවීම සම්බන්ධයෙන් විනිවිද භාවයක් පවත්වා ගනිමින්, එවැනි සුබසාධන දීමනා ලැබිය යුතුම පිරිස තෝරා ගැනීමේ කටයුතු තවදුරටත් කාර්යක්ෂ්ම කරගැනීමේ අවශ්‍යතාවය රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් මෙහි දී පෙන්වා දෙන ලදී.
එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත්, ඒ අනුව සමාජ ආරක්ෂණ පද්ධතියේ කාලීන අවශ්‍යතා හඳුනාගනිමින් සහන ලැබිය යුතුම පාර්ශ්වයන් සඳහා සහයෝගය ලබා දීමටත් යුරෝපා සංගමය කටයුතු කරනු ලබන බව යුරෝපා සංගම් සහයෝගිතා ප්‍රධානී ජෙනී කොරියා නූන්ස් මහත්මිය සඳහන් කළාය.