Home දේශීය පුවත් යුධ හමුදාව බුද්ධි ආවේක්ෂණ රාජකාරී පුළුල් කරයි

යුධ හමුදාව බුද්ධි ආවේක්ෂණ රාජකාරී පුළුල් කරයි

by Free News
0 comment

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ගත වූ 2022 වසර තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රැස්කරගත් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

අදාළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 715ට ආසන්න ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 685ට ආසන්න ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 13කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ඊට අමතරව කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍යයද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍යය සමඟින් සැකකරුවන් 831 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත භාර දී ඇත.

එසේම නීති විරෝධී දේශීය මත්පැන් ලීටර් 28000 නට ආසන්න ප්‍රමාණයක් සහ විදේශීය මත්පැත් බෝතල් 57ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට භාර දී ඇත.

මීට අමතරව නීතිවිරෝධී දුම්වැටි 11893ක් , මත්පෙති 75181ක් සහ මදන මෝදක ගුලි 155ක් සමඟ සැකකරුවන් 61 දෙනෙකු 2022 වර්ෂයේදී යුද්ධ හමුද‍ාවට ලැබුණු බුද්ධි තොරතුරු අනුව පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් විශාල වශයෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇත.

දිලංක ගුණතිලක

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital