Home දේශීය පුවත් යාල නැරඹීමට එන විදේශිකයන්ට ඩොලර්වලින් ප්‍රවේශපත්

යාල නැරඹීමට එන විදේශිකයන්ට ඩොලර්වලින් ප්‍රවේශපත්

by Free News
0 comment

යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබිනි.

ඒ අනුව මෙම වැඩ පිළිවෙළ මෙම ජනවාරි මාසය තුළ ආරම්භ කරන බවත්, පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

මේ අතර දෙස් විදෙස් සංචාරකයින් මෙම දිනවල යාල වනෝද්‍යානය නැරඹීමට බහුල වශයෙන් පැමිණෙන බැවින් සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අලුතින් ඉදි කරන ලද සංචාරක බංගලා දෙකක වැඩ කටයුතු මේ වනවිට අවසන්ව ඇති බැවින් ඒවා සංචාරකයින් සඳහා ලබා දීම මෙන්ම මධ්‍යාහ්න 12 සිට පස්වරු 02 දක්වා පැය දෙකක කාලයක් වනාන්තරයේ සංචාරය කිරීම අත්හිටුවන බැවින් එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ඉදි කෙරෙන විවේක ස්ථානයේ ඉදි කිරීම් කටයුතු වහා අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital