Home දේශීය පුවත් යාපනයේ ඇඹුල් කෙසෙල් 28වනදා සිට ඩුබායිවලට

යාපනයේ ඇඹුල් කෙසෙල් 28වනදා සිට ඩුබායිවලට

by Free News
0 comment

යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා .

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ අප රටේ ඇඹුල් කෙසෙල් අපනයන කළාප පිහිටුවීමේ වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට 18 වතාවක් රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය කරනු ලැබ තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ

යාපනයේ ඇඹුල් කෙසෙල් වගාවෙහි ගොවීන් 600ක් නිරතව සිටින අතර තවත් හෙක්ටෙයාර් 650ක් දක්වා එම වගාව ව්‍යාප්ත කිරීමට නියමිත වනවා

මීට අමතරව ඇඹුල් කෙසෙල් අපනයන කලාපයක් ඇඹිලිපිටිය හා හම්බන්තොට ආශ්‍රිතව මෙම වසර තුළ ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබෙන බවත් සෙවනගල ප්‍රදේශයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරනවා

දැනට කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් රාජාංගනයේ ස්ථාපිත කර තිබෙන අතර යාපනයේ සැකසුම් මධ්‍යස්ථානයේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටිනවා.

රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය මගින් එක් වරකට ඩොලර් 20,000ක මුදලක් රටට අපනයන ආදායම් වශයෙන් ලැබෙන අතර යාපනයේ කෙසෙල් අපනයනය මගින් සතිපතා මෙරටට ඩොලර් 40,000ක ආදායමක් ලැබීමට නියමිතයි

දැනට අප රටේ ඇඹුල් කෙසෙල් සඳහා විදේශ වෙළෙඳ පොලෙහි විශාල ඉල්ලුමක් පැවතියත් තවමත් අප රටේ ගොවීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වගා නොකරන බැවින් සමස්ත ඉල්ලුමට සාපේක්ෂව සැපයීමේ අපහසුතා පවතින බවයි සඳහන් වන්නේ .

නමුත් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දෙන තාක්ෂණික පුහුණුව නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඇඹුල් කෙසෙල් වගා කිරීම සිදු කෙරෙනවා.

යාපනයේ ඇඹුල් කෙසෙල් වගාවට රසායනික පොහොර කිසිවක් නොයොදන අතර එම ගොවීන් ඒ සඳහා භාවිතා කරනුයේ කාබනික පොහොර පමණක් නිසා යාපනයේ ඇඹුල් කෙසෙල්වලට ඉදිරි කාලය තුළ අනෙකුත් රටවලින් ද ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital