මොණරාගල කොට්ඨාශ භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළා.
ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්වයි.
ගංජා ලඟ තබා ගැනිම සම්බන්ධයෙන් පසුගිය 8 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඊට අදාළ විමර්ශනවල ප‍්‍රතිපලයක් ලෙස ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාද අත්අඩංගුවට ගනු ලැබුවා.