පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(14) තීරණය කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලමින් පෙත්සම ගොනුකර තිබුණි.
පංචපුද්ගල විනිසුරු මඩුල්ල සදහා අභියාචනාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් පත් කිරීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නිවේදනය කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගකර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති පුද්ගලික පැමිණිල්ල කැදවීමකින් තොරව බහා තබන ලෙසත් අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුනාරත්න සහ ඒ මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.