Home දේශීය පුවත් මේ පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 407 ක්

මේ පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 407 ක්

by Free News
0 comment

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාසයේදී සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

මේ වසරේ පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 407කි. පසුගිය වසරේ පෙබරවාරියේ දී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 205 කි. ඒ අනුව පසුගිය වසර හා සසදා බැලීමේ දී විදේශ ප්‍රේෂණ ලැබීම්වල ඉහළ වර්ධනයක් පෙන්නුමක් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වසරේ ජනවාරියේ දී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 437.5 ක් ලෙස වාර්තා විය.

පෙබරවාරි මාසය තුළ 23,974 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.

එමෙන්ම පෙබරවාරි මාසයේ සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයුම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital