ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් , ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බාහිර ණය හිමියන්ට විවෘත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.
එසේම ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සාධනීයව කටයුතු කරන ලෙසටද ණය හිමියන් දිරිමත් කර ඇත.