Home Uncategorized මෙරට තරුණයින් මියන්මාර වහල් සේවයේ !

මෙරට තරුණයින් මියන්මාර වහල් සේවයේ !

by Free News
0 comment

තායිලන්තයේ රැකියා දෙන බව පවසා මියන්මාරයට රැගෙන ගොස් චීන සමාගමක වහල් සේවයට යොදාගෙන සිටින තවත් ශ්‍රී ලාංකික තරුණයන් අටදෙනකු ගැන ඊයේ (10) අනාවරණය විය. මෙම අටදෙනා අතර සිටින හෘදයාබාධයක් වැළඳුණු හම්බන්තොට පදිංචි තරුණයකු පසුගිය 8 වැනිදා එහි අඳුරු කාමරයක හිරකර සිටින බවද හෙළි වී තිබේ.

මෙම තරුණයාට ඉක්මන් හදවත් සැත්කමක් කළ යුතුව ඇතැයිද දැනගන්නට ඇත.

වහාම මෙම පිරිස මුදාගැනීමට මැදිහත්වන්නැයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇත. මියන්මාර රජය සමග සාකච්ඡා කර මියන්මාර තානාපති කාර්යාලයට එම තරුණයන් භාරකරන ලෙසට එහිදී ඉල්ලා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයට වහාම මේ සඳහා මැදිහත් වී තරුණයන් මුදාගැනීමට පියවර ගන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයද ඊයේ (10) ඉල්ලීමක් කර තිබිණි.

හෘදයාබාධයක් වැලඳීම නිසා රැකියාව සඳහා යාම ප්‍රතික්ෂේප කළ තරුණයාව අඳුරු කාමරයකට දමා එයට විදුලිය හා ජල සැපයුම් විසන්ධි කිරීමටද චීන සමාගම කටයුතු කර ඇතැයි හෙළි වී තිබේ.

මෙම මිනිස් ජාවාරම සිදුකර ඇත්තේ මීට ඉහතදීත් දකුණු පළාතේ තරුණ තරුණියන් රැගෙන ගොස් චීන සමාගමේ ශ්‍රමිකයන් ලෙස මුදලට විකුණා පැමිණි චෝදනාවට සිරගත කර සිටින රුවන් පතිරණ කරුණාරත්න නමැති අයම බව අනාවරණය වී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයකුගේ කාර්යාලය තුළ සිට මෙම මිනිස් ජාවාරම කළ බවට එල්ල වූ චෝදනා මත අපේක්ෂකයකු හා රුවන් පතිරණ නමැති ජාවාරම්කරු අත්අඩංගුවට ගැනිණි.

සංචාරක වීසා මත තායිලන්තයේ චීන සමාගමකට රැගෙන ගොස් තිබුණේ පාරිභෝගික සේවා සපයන ආයතනයක රැකියා දෙන බව සඳහන් කරමිනි.

කොල්ලුපිටියේ, ප්‍රින්ස්කෝට්හි නිවසකදී චීන ජාතිකයන් සමග මෙම පිරිස සම්මුඛ පරීක්ෂණවලට ලක්කර අවස්ථා කිහිපයකදී තායිලන්තයට රැගෙන ගොස් ඇත.

තායිලන්තයට ගිය පසුව මෙම පිරිස බෝට්ටුවකින් මියන්මාරයට රැගෙන ගොස් උණ්ඩියල් මුදල් ජාවාරම් සඳහා බලහත්කාරයෙන් යොදවන බව අනාවරණය වී තිබේ.

ඒ අයුරින් දැනට රඳවාගෙන සිටින තරුණයන් ​අටදෙනා බලහත්කාරයෙන් රඳවාගෙන ඇත්තේ මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පිරිස් මෙම තරුණයන් සපයාදීම වෙනුවෙන් චීන සමාගමෙන් ඩොලර් පන්දහස බැගින් ලබාගැනීම නිසා බව අනාවරණය වී ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital