මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් ව තිබේ.
අද (17) පෙරවරුවේ සිසුන් පිරිසක් මුහුදේ දිය නාමින් සිටියදී ඉන් තිදෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බව මාතර පොලීසිය පවසයි.
අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකි.
ඔවුන් උපකාරක පන්ති යන බව පවසා මුහුදේ දිය නෑමට ගොස් ඇති බවට ද පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අතුරුදන් වූවන් සොයා නාවික හමුදාවේ ද සහය ඇතිව මෙහෙයුම් සිදුකෙරේ.