Home දේශපාලනය මුජුබර්ගේ පුරප්පාඩුවට ෆවුසිගේ නම ගැසට් කරයි

මුජුබර්ගේ පුරප්පාඩුවට ෆවුසිගේ නම ගැසට් කරයි

by Free News
0 comment

සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ.එච්.එම්. ෆවුසි නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, මැතිවරණ කොමිශන් සභාව විසිනි.

පසුගිය 20වැනිදා සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධූරයට තරග කිරීමේ අරමුණින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමත් සමග හිටපු අමාත්‍යවරයෙකු වන ඒ.එච්.එම් ෆවුසි මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදාවී තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරඟ කල ඒ.එච්.එම් ෆවුසි මහතාට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමිවූ අතර මනාප 48,701ක් හිමිව තිබුණි. ඒ අනුව ඔහු මනාප ලැයිස්තුවේ 07වන ස්ථානයට පත් වුණි.

කොළඹ හිටපු නගරාධිපතිරයෙකු ද වන ඒ.එච්.එම් ෆවුසි මහතා මේ වන විට 85 වියෙහි පසුවේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital