Home දේශීය පුවත් මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරමෙන් අල්ලයි

මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරමෙන් අල්ලයි

by Free News
0 comment

රුපියල් මිලියන 67කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

එහිදි පාවෙමින් තිබූ උරයක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහි පර්සල් හතරක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් සොයාගෙන තිබේ.

රට තුළට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අත්හැර දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැකපළ කරයි.

අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital