මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
පොලිසිය සදහන් කරන ලද්දේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි.
ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ඊයේ (16) රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩිතබා පලාගොස් තිබේ.
මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.