Home දේශීය පුවත් මිත්තණිය නොසලකා හැරි ටෙලි නිළි ටනාෂාට අධිකරණයෙන් යස පාඩමක් !

මිත්තණිය නොසලකා හැරි ටෙලි නිළි ටනාෂාට අධිකරණයෙන් යස පාඩමක් !

by Free News
0 comment

ආදරයෙන් රැක බලා පෝෂණය කළ මිත්තණියට නොසලකා හැරීම හේතුවෙන් ඇය වෙතින් ත්‍යාග ලෙස ලබාගත් කොල්ලුපිටියේ පිහිටි නිවස නැවත මිත්තණිය වෙත පවරා දෙන මෙන් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ ඊයේ (පෙබ. 15) ටෙලි නිළි රුචිනි ටනාශාට නියෝග කළා ය.

මිත්තණිය විසින් තම මිනිපිරිය වන එම නිළියට සිය ප්‍රාණ භුක්තිය තබා එම නිවස ලියා දීමෙන් අනතුරුව මිනිපිරිය වන එම නිළිය මිත්තණිය වෙත ආදරයෙන්, කරුණාවෙන් සලකා නොමැති බව ත් ඒ අනුව ඇයගේ එම ක්‍රියාව ඉතාමත් අකාරුණික, ගුණමකු ක්‍රියාවක් බවට නිගමනය කරමින් රුපියල් මිලියන 5ක වන්දියක් ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස්දහස බැගින් දීමනාවක් මිත්තණියට ගෙවන ලෙස ද විනිසුරුවරිය විත්තිකාරිය හට නියම කළා ය.

මෙම නඩුවේ පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බව ත්, අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව විත්තිකාර මිනිපිරිය ස්තුති පූර්වක හැඟීමකින් කටයුතු කර නැති බවත් සඳහන් කරමින් පැමිණිල්ලේ වාසියට තීන්දුව ලබා දෙන බව විනිසුරුවරිය සඳහන් කළා ය.

හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා යන මිත්තණිය විසින් ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ශිල්පී මිනිබිරියට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය මෙලෙස සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග නිකුත් කළාය.

මෙම නඩුව 2016 වසරේ ගොනු කර ඇති අතර කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ 1972 වසර සිට සිය දරුවන් සමග ජීවත් වූ මිත්තණිය සිය පවුලේ කුලුඳුල් මිනිපිරිය වන රංගන ශිල්පී විත්තිකාරියට 2010 වසරේදී ප්‍රාණ භුක්තිය තබා ගනිමින් අදාළ නිවෙස පවරා දී ඇති බව ත් එම නිවස පවරා දීමට පෙර මිත්තණිය සමග කුලුපගව ආදරෙන් සිටි විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නිවසේ වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බව ත්, ඉන්පසුව මිත්තණිය සිටී ද? නොසිටී ද? යන්න පවා සොයා බැලීමට වත් දුරකතන ඇමතුමක් හෝ ලබා දීමටවත් කාරුණික වී නොමැති බව ත් අධිකරණයේදී අනාවරණය වී ඇති බව විනිසුරුවරිය සිය තීන්දුව මගින් සඳහන් කළා ය.

ප්‍රාණ භුක්තිය තබාගනිමින් දේපළ පවරා දුන් මිත්තණියට ආදරය, කරුණාව නොදක්වා අකාරුණිකව, අකෘතඥතාවෙන් හා ගුණමකුව සලකා ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කළ කොළඹ දිසා අධිකරණය රුපියල් මිලියන 5ක වන්දියක් ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක් ද මිත්තණියට ගෙවන ලෙස නියෝග කළා ය.

දේපළ පවරා දුන් මිත්තණියට අකාරුණික වූවා පමණක් නොව, අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දීමේදී ගරුසරුවක් නොමැතිව කතා කර ඇති බව ද විනිසුරුවරිය සිය තීන්දුව මගින් සඳහන් කළාය.

තම මිත්තණිය හෘද රෝගයෙන් පෙළෙන බව නොදන්නා බව ත් ඇය ඒ බව තමන් හට පැවසුවා නම් ඇයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වියදම් ලබා දෙන බව ත් මෙම නඩුව ගොනු කරන තෙක් ඇයව මුණනොගැසුණු බවත් විත්තිකාරිය අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇති බව විනිසුරුවරිය සිය තීන්දුවේදී පැවසුවා ය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා සමග නීතිඥ එස්. ජනගන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන්ගේ උපදෙස් පරිදි නීතිඥ නිරංජන් ද සිල්වා පෙනී සිටියේ ය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital