ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුනුකරු මිකී ආතර් , පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරිමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
කණ්ඩායමේ වත්මන් පූහුණුකරු සක්ලේන් මුෂ්ඨාක්ගේ ධුර කාළය ඒළඹෙන වර්ෂයේ මුලදී අවසන් වීම නිසා මිකී ආතර් මෙලෙස කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.
දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මීට පෙර 2016 වර්ෂයේදී සිට 2019 දක්වා පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇත.
කෙසේ වෙතත් ඔහුව නැවත රැගෙන ඒමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති නජාම් සේතිද උත්සාහ කරන බව වාර්තා වේ.
මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ පාකිස්ථානය 2017 වර්ෂයේ චැම්පියන්ස් ලීග් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්වූහ. එමෙන්ම විස්සයි විස්ස ලොව අංක ඒකේ කණ්ඩායම ලෙසින්ද ඔවුන් එහිදී පිදුම් ලැබීය.
පාකිස්ථානු කණ්ඩායමෙන් ඉවත්වීමෙන් පසු මීකී ආතර් කළක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේද ප්‍රධාන පුහුනුකරු ලෙසින් ක්‍රියා කළ අතර අනතුරුව ඔහු මෙවර එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ඕරා කණ්ඩායමේද ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කලේය.