Home දේශපාලනය මැතිවරණ කොමිසම සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ කොමිසම සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

by Free News
0 comment

මේ සතිය තුළ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට සුදානමින් පසුවන බව මැතිවරණ කොමිසම පවසනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම සම්බන්ධනයෙන් මෙම සාකච්ඡා පවත්වන බවයි එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා කියා සිටියේ.

අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට සිදුකිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.

ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාර දීම ඊයේ (15) සිදු කිරීම නියමිතව තිබුණා.

නමුත් ඒවා මුද්‍රණයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් මෙම කටයුතු සිදු කෙරුණේ නැහැ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය මේ මස 22,23 සහ 24 යන දිනවල දී පැවැත්වෙන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් සැලසුම් කළ පරිදි එම දිනවලම ඡන්ද විමසීම සිදුකිරීමට අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිසම කියා සිටියේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital