Home දේශපාලනය මැතිවරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මැතිවරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

by Free News
0 comment

පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ නිල වශයෙන් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇත.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන්ට වරමක් ලැබී ඇත්තේ ඡන්ද පැවැත්වීමට නොව රටේ වැටී තිබෙන අගාධයෙන් වසර දෙකක් ඇතුළත ගොඩගැනීමට බවය.

එම වරමින් පිටතට ගොස් ක්‍රියාකිරීමට සුදානම් නොමැති බවද එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට දැනුම් දී ඇති බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital