පසුගිය වසරේ මාර්තු මාසය හා සැසදීමේ දී මේ වසරේ මාර්තු මාසයේ තේ අපනයනය 22% කින් පහත වැටී ඇති බව වාර්තා වේ.
ෆෝර්බ්ස් ඇන්ඩ් වෝකර් තේ අලෙවිකරුවන්ගේ සංඛ්‍යා දත්ත අනුව, තේ අපනයනය මෙන්ම තේ නිෂ්පාදනය ද පහත වැටී ඇති බව පෙනී යයි.
කෙසේ වෙතත්, අපනයනය පහත වැටුණද, තේ අපනයනයෙන් ජනවාරි පෙබරවාරි මාස වල උපයා ඇති ආදායම පසුගිය වසරට සාපේක්ෂව 6.3%කින් ඉහළ ගොස් තිබේ.
මේ වසරේ ජනවාරි – පෙබරවාරි මාසවල තේ අපනයනයෙන් ලංකාව උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 204.1 කි.
ලංකාවේ තේ මිලදී ගන්නා ප්‍රධානම ගැනුම්කරුවා තුර්කියයි. ඉරාකය ලංකාවේ තේ මිලදී ගන්නා දෙවන විශාලම ගැනුම්කරුවා වන අතර රුසියාව තුන්වන විශාලතම ගැනුම්කරුවා වේ.