මාතර මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (01) සවස් කාලයේ දී රළ පහරට හසු වී මිය ගොස් තිබෙනවා.
පාසල් ළමුන් හතර දෙනෙකුගේ කණ්ඩායකමක් මෙලෙස මුහුදේ දිය නෑමට ගොස් තිබෙනවා.
දිය නෑමේ දී මුහුදු රළට ළමුන් හසුවීමත් සමඟ යුද හමුදා අපදාකළමණාකරණය ඒකකයේ නිළධාරීන් විසින් සිසුන් 04 දෙනා මුදා ගෙන රෝහල් ගත කර ඇත.
මෙම සිසුන්ගෙන් දෙදෙනෙකු ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිට ඇති අතර ඔවුන් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17 පසු වූ අකුරුස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.