Home දේශීය පුවත් මහ කන්නය සඳහා වී ගොවීන්ට නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක්

මහ කන්නය සඳහා වී ගොවීන්ට නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක්

by Free News
0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකින් මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

ඒ යටතේ උපරිමය හෙක්ටයාර් එකක් හෝ ඊට අඩු ප්‍රමාණයක ගොවිතැන් කටයුතුවල නිරත කුඩා පරිමාණ වී ගොවීන් සඳහා රුපියල් 10,000ක් ද, හෙක්ටයාර් එකකට වැඩි ප්‍රමාණයක වී වගාකරන ගොවීන් සඳහා රුපියල් 20,000ක් ද වන පරිදි මෙම දීමනාව ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී වගා කරන ගොවීන් සඳහා පමණක් මෙම මූල්‍ය ආධාරය ලබා දෙන අතර, ඔවුන්ගේ ගිණුම්වලට සෘජුවම මුදල් බැර කෙරෙනු ඇත.

මෙවර මහ කන්නයේ දී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් වන අතර සියලු වී ගොවීන්ට බන්ඩි පොහොර හෙවත් MOP මිලදී ගැනීම සඳහා මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 08ක් වන අතර ගොවි පවුල් ලක්ෂ 12කට මෙම ප්‍රතිලාභය හිමි වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම ආමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉදිරියේ දී මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දීම සිදු කෙරේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital