“ආසියානු සංවර්ධන බැංකුව” මෙරට සියලුම ගොවීන්ට ලබා දීම සඳහා පිරිනමා ඇති රුපියල් බිලිනය 8 ක මුදල ගොවින්ගේ ගිණුම්වලටම බැර කිරීම අද(29) සිට සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පසුගිය මහ කන්නයේ වී ගොවිතැන සිදුකළ ගොවි පවුල් මිලියන 1.2කට මහ කන්නයේ දී සිදුවු අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ආසියානු සංවර්ධන බැංකුව මෙරටට රුපියල් බිලියන 08 ක මුදලක් ලබා දුන්නේය.
ඒ අනුව, කුඹුරු හෙක්ටයාර් එකක් ඇති ගොවීන් සඳහා රුපියල් 10,000 ක මුදලක් සහ කුඹුරු හෙක්ටයාර් දෙකක් සහිත ගොවීන්ට රුපියල් 20,000 ක් වශයෙන් ඔවුන්ගේ ගිණුම්වලටම මුදල් බැර කෙරේ.