Home ව්‍යාපාරික පුවත් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාව කඳානට

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාව කඳානට

by Free News
0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා කඳාන නගරයේදී විවෘත කෙරිණි.

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රමුඛතම නගරයක් වන කඳාන නගරය, ගම්පහ දිස්ත්‍රික්කයේ වාණිජ කේන්ද්‍රස්ථානයක්ද වේ. එමෙන්ම එය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් ඇතුළුව සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රාශියක් ජීවත් වන, විවිධත්වයෙන් සපිරි නගරයකි.

අංක 24, මීගමුව පාර, කඳාන යන ස්ථානයෙහි මෙම නව මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාව පිහිටුවා තිබේ. නවීනතම පහසුකම් වලින් සමන්විත මෙම ශාඛාවෙහි වාහන නැවැත්වීම සඳහා පුළුල් ඉඩකඩක්ද ඇත.

“අපගේ 27 වැනි ශාඛාව කඳාන ප්‍රදේශයේ විවෘත කිරීමට හැකි වීම අපටමහත්සතුටටකරුණක්. ප්‍රදේශයේ ජනතාව සාදරයෙන් පිළිගනිමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් අනුව ඉහළම තලයේ මූල්‍ය සේවාවන් එකතුවක් පිරිනැමීමට අප සූදානම්. එමෙන්ම අපගේ සමාගම මේ වනවිට වේගයෙන් වර්ධනය වෙමින් පවතින නිසා, මේ ප්‍රදේශයේ දක්ෂයන්ට ජාත්‍යන්තර මට්ටමේ රැකියා අවස්ථා පිරිනැමීමටත් අප බලාපොරොත්තු වනවා.” මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.

Mahindra and Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමක් වන Mahindra IDEAL Finance Limited (India), ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති බැංකු නොවන, බලපත්‍රලාභී මූල්‍ය ආයතනයකි. 2012 වසරේදී එය ආරම්භ වූයේ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීමේ අරමුණිනි. මේ වනවිට එම සමාගම රන් ණය සහ පුද්ගලික ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂි රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් පිරිනමයි. ගුණාත්මක ණය සේවාවන් එකතුවක් හඳුන්වා දෙමින්,දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ පවා සිය ලාභදායීත්වය වාර්ෂිකව වර්ධනය කරගැනීමට සමාගම සමත් වී තිබේ. ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්දා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගමේ (Mahindra and Mahindra Financial Services Limited, India) පිටුබලය හිමි මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම, මෑතකාලීනව තම ආවරණ පරාසය වේගයෙන් පුළුල් කිරීමට පියවර ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම එහි අරමුණයි.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital