හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පනවා තිබේ.
විශේෂ ආර්ථික පියවර පනතේ රෙගුලාසි අනුව ඉලක්කගත සම්බාධක පනවන බව කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි මහත්මිය නිවේදනය කර ඇත.
ඒ 1983 වසරේ සිට 2009 වසර දක්වා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්ය.
එමෙන්ම, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාට ද අදාළ චෝදනා යටතේ සම්බාධක පනවා ඇත.
කැනඩාවේ සහ විදෙස්ගත කැනඩාවේ පුරවැසියන්ට මෙම සම්පාදක පැනවූ පුද්ගලයින්ගේ කිසියම් දේපොලකට අදාළ කිසිදු ක්‍රියාකාරකමක යෙදීම හෝ මූල්‍ය සැපයීම හෝ ගනුදෙනු කිරීම තහනම්වේ.
එමෙන්ම, ඔවුන්ට කැනඩාවේ ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ කැනඩාවට යාමට නොහැකි යි.