වෛද්‍ය විද්‍යාව පිළිබද මෙරට ප්‍රථම මහාචාර්යවරිය වන ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වුණා.
මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වන විට 97 වන වියේ පසු වුණා. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස ඇය කළ මෙහෙවර ඉමහත්. මව්වරුන්ට මාස 3ක ප්‍රසූත නිවාඩු ලබාදීම සහ මාස 6ක් යනතුරු අලුත උපන් දරුවන්ට මව් කිරි ලබාදීම නිර්දේශ කිරීම ආදීය සදහා ඇය ප්‍රමුඛ කාරියභාරයක් ඉටු කර තිබෙනවා. ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනිය ලෙස ද මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය වසර 25කට වැඩි කාලයක් කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපතිනිය මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය ලෙස ද ඇය කටයුතු කළ අතර කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක ලෙසයි විශ්‍රාම ගියේ.
අභාවප්‍රාප්ත මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය බොරැල්ල රේමන්ඩ් අවමංග්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල කන්තේ දී අද සවස සිදු කිරීමට නියමිතයි.