මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් තිදෙනකු කිසියම් පිරිසක් පැහැර ගැනීමට තැත් කළ බවට පොලිසියට කළ පැමිණිලි සාවද්‍ය පැමිණිලි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
සුදුපාට වෑන් රථයික් පැමිණ පිරිසක් තමන් පැහැර ගැනීමට උත්සහ කළ බවට පසුගිය 7-8 යන දිනවල පාසල් සිසුන් තිදෙනකු පොලිසිය වෙත මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
නමුත් ඒ බව තහවුරු වන කිසිඳු තොරතුරක් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවයි මධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
පැමිණිලි අනුව එවැනි සිදුවීමක් තහවුරු වී නොමැති බවත් ඒ අනුව මෙම සිසුන් කිසිවකුවගේ බලපෑම් මත මෙම පැමිණිලි ඉදිරිපත් කළේ ද යන්න හෙළිකර ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙන බව ද පැවසුවා.