Home දේශීය පුවත් මන්නාරමට පුපුරන ද්‍රව්‍ය ඇද්ද දෙදෙනෙක් මාට්ටු

මන්නාරමට පුපුරන ද්‍රව්‍ය ඇද්ද දෙදෙනෙක් මාට්ටු

by Free News
0 comment

කුඩා ලොරි රථයක තට්ටුවේ රහස් කුටියක් සකස් කර ඒ තුළ සඟවා අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් කුරුණෑගල සිට මන්නාරමට රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනකු ලොරි රථයද සමඟ කුරුණෑගල හලාවත මාර්ගයේ විලත්තව ප්‍රදේශයේ මාර්ග බාධක ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතා සූක්ෂ්ම ලෙස සැඟවූ එම පුපුරන ද්‍රව්‍ය තොගය හසු වී ඇත්තේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි රැඳී සිටි රියැදුරු සහ රිය සහායකගේ සැක කටයුතු හැසිරීම හේතුවෙන් ලොරි රථය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම නිසාය.

පිටුපස තට්ටුවට යටින් තහඩු අතුරා ව්‍යාජ තට්ටුවක් සකස් කර ඒ තුළ පුපුරන ද්‍රව්‍ය සඟවා තිබී ඇත. ජෙලට්නයිට් නමැති අධිබලැති පුපුරන ද්‍රව්‍ය පිරවූ අඟල් 08ක් දිග හා වට අඟල් 03ක ප්ලාස්ටික් බට 89ක්, පිපිරවීම් සඳහා යොදා ගන්නා සේවා නූල් අඩංගු ඇසුරුම් 21ක්, බෝම්බ පිපිරවීමට යොදා ගන්නා විද්‍යුත් ඩෙටනේටර් 900ක් අඩංගු පෙට්ටි 09ක් එම රහස් කුටීරය තුළ සඟවා තිබී සොයාගෙන තිබේ.

ලොරි රථය වාරියපොළ දෙස සිට හලාවත දෙසට ධාවනය වෙමින් තිබී ඇති බව බිංගිරිය පොලිසිය කියයි. සැකකරුවන් දෙදෙනා මන්නාරම සිලාවතුරේ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 33ක් සහ 44ක් වයසැති අය බවත් මේ පුපුරන ද්‍රව්‍ය මන්නාරමට රැගෙන යන්නේ අ‍ෙලවි කිරීමට බවත් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital