Home දේශීය පුවත් මන්ත්‍රී අමරකීර්ති ඝාතකයක් මරුට

මන්ත්‍රී අමරකීර්ති ඝාතකයක් මරුට

by Free News
0 comment

පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් වසරේ මැයි නව වැනිදා පහරදී ඝාතනය කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුධ හමුදා සෙබළකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි හෙන්දාවිතාරණ නිපුන බුද්ධික නැමැති නැමැති 26 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළෙකි.

රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු සෙබළා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි බව පොලිසිය සඳහන් කරයි .

ඔහුට වැළඳී තිබූ බව කියන පිළිකා රෝගයක් හේතුවෙන් මහර බන්ධනාගාරයේ බලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital