මධ්‍යම තුර්කියේ දකුණුදිග ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
භූකම්පනයෙන් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර, ඒවාට යටවීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් රැසක් ගොඩනැගිලි තුළ සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බලපෑමට ලක් වූ අනෙකුත් රටවල් වන්නේ සයිප්‍රසය, ග්‍රීසිය, ජෝර්දානය, සිරියාව, ලෙබනනය සහ ඉරාකයයි.