Home දේශීය පුවත් මඩ පොහොර නැවක් කොළඹට

මඩ පොහොර නැවක් කොළඹට

by Free News
0 comment

වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අලුයම කොළඹ වරායට පැමිණ තිබේ.

එම නෞකා මඟින් මඩ පොහොර මෙ.ටො. 36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් මෙම මඩ පොහොර ලබා දී තිබේ. 2022/23 මහ කන්නයේ වී වගා කළ එහෙත් 2023 යල කන්නයේ වී වගා කළත් නොකළත්, මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතය.

ඒ අනුව වගා කන්න 03කට පසු සියලුම පොහොර වර්ග එකවර ලැබෙන එකම වගා කන්නය මෙම යල කන්නය වේ. ඒ අනුව TSP පොහොර (මඩ පොහොර ), යූරියා සහ MOP (බණ්ඩි පොහොර ) යන රසායනික පොහොර වර්ග 03ම ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම TSP පොහොර තොගය නිල වශයෙන් භාරදීම හා ගොවීන්ට බෙදා හැරීමේ කටයුතු ලබන ඉරිදා (19) පස්වරු 01.00ට වත්තල කොමර්ෂල් පොහොර සමාගම් පරිශ්‍රයේදී සිදු කෙරේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ USAID ආයතනයේ නියෝජිතයින් ද සහභාගී වීමට නියමිතය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital