Home විදේශීය පුවත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තව තවත් ඉහළට

භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තව තවත් ඉහළට

by Free News
0 comment

තුර්කි හා සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවා තිබේ.

තුර්කියට බලපෑ භූ කම්පනයෙන් එරට හා අසල්වැසි සිරියාවේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තුර්කියේ මරණ සංඛ්‍යාව ඊයේ වන විට 29,605 දක්වා ඉහළ ගොස් ඇති අතර සිරියාවේ 4,500 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

මරණ සංඛ්‍යාව 50,000ට ආසන්න වනු ඇති බවට විශ්වාස කෙරේ.

ගොඩනැගිලිවලට යට වූ පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර දින 7 ක් ගතවන මොහොතේ ඇතැම් මෙහෙයුම් අත්හැර දැමීමට බලධාරීන් කටයුතු කර ඇත. ඒ භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වූ ප්‍රදේශවල උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙනි.

තුර්කි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ භූමිකම්පාවෙන් පැය 150 කට පසු Hatay පළාතේ සුන්බුන් අතරින් බිළිඳෙකු බේරා ගත් බවයි.

මේ අතර මියගිය පිරිස්වල සිරුරු මිහිදන් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ භූමිකම්පාවෙන් පසු සිරියාවේ මිලියන 5.3 ක ජනතාවකට නිවාස අහිමි විය හැකි අතර 900,000 කට ආසන්න පිරිසකට තුර්කියේ සහ සිරියාවේ හදිසි උණුසුම් ආහාර අවශ්‍ය බවයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital