Home විදේශීය පුවත් භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

by Free News
0 comment

දකුණු දිග තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මිය ගිය ගණන 20,000 ඉක්මවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත.

භූ කම්පනයෙන් කඩාවැටුණු ගොඩනැඟිලි 6,000ක අධික සංඛ්‍යාවක සහ නිවාස 10,000ක අධික සංඛ්‍යාවක සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් දිවා රාත්‍රී පුරා සිදු කෙරෙන අතර, රාජ්‍යයන් රැසක ආධාර කණ්ඩායම් ද ඒ සඳහා එක් වී සිටි.

ගොඩනැඟිලි සුන්බුන් අතරට සිර වූ මළ සිරුරු තවත් දහස් ගණනක් තිබිය හැකි බව තුර්කි රජය පවසයි.

මේ වනවිට තුවාල ලැබූ පුද්ගලයන් 43,000කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති අතර, තවත් පුද්ගලයන් දසදහසකට ආසන්න පිරිසක් උපද්‍රවයකින් තොරව බේරා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත්වී තිබේ.

පසුගිය 6 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුවූ මෙම දරුණු භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 7.8 ක් ලෙස සටහන් විය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital