Home දේශීය පුවත් බෙලරූස් නේවාසිකාගාර කාමරයේදී ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවා අභිරහස් ලෙස මරුට

බෙලරූස් නේවාසිකාගාර කාමරයේදී ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවා අභිරහස් ලෙස මරුට

by Free News
0 comment

බෙලරූස් හි වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවකු එහි ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමරයක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටිය දී ඉකුත් සෙනසුරාදා (29) සිරුර සොයා ගෙන ඇත.

බෙලරුස් හි වෛද්‍ය පීඨයක 4 වැනි වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි වෛද්‍ය සිසුවා එම වසරේ දක්ෂතම වෛද්‍ය සිසුවා ලෙස තේරී පත්ව සිටි අයකු බව ද එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහනුවර ප්‍රදේශයෙහි පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විදුහලක උසස් පෙළ ජීව විද්‍යාව හදාරා මෙම සිසුවා බෙලරුස් හි වෛද්‍ය පීඨයට ඇතුළත්ව ඉගෙනුම් ලබමින් සිට ඇත. සිසුවාගේ මව සිය පුතාට පසුගිය සෙනසුරාදා දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවේ එම ඇමතුමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බව කියති.

දිගින් දිගටම ඇමතුම් දුන්නත් ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා එම ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවාගේ මව පුතාගේ හිතවත් වෛද්‍ය සිසුන් කිහිප දෙනකුට කතාකර පුතා ගැන සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇතැයි දැන ගැනීමට ඇත.

මිතුරු වෛද්‍ය සිසුන් ඔහු නිදාගෙන සිටි කාමරයට ගොස් විපරම් කර බලද්දී සිසුවාගේ ගෙලේ වෙළුම් පටියක් දක්නට තිබි ඇති අතර එම වෙළුම් පටියේ අනෙක් කොන එම කාමරයේ තිබූ උස කබඩ් එකක ගැට ගසා තිබෙන අයුරු එහි ගිය වෛද්‍ය සිසුන් දැක ඇත.

පසුව මේ ගැන එම වෛද්‍ය සිසුන් සිසුවාගේ දුරකතනයෙන් කතා කර දැනුම්දී ඇතැයිද පැවසේ.

මෙම වෛද්‍ය සිසුවාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද එසේ නැත්නම් වෙන යම් හේතුවක් මත සිදු වී ඇත්ද යන්න ගැන තවම කරුණු අනාවරණය වී නොමැති බව දැන ගැනීමට ඇත.

මේ සම්බන්ධව කරුණු අනාවරණය කර ගැනීමට එට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෙම ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවා පසුගිය සෙනසුරාදා රාත්‍රී 11ට පමණ වන තෙක් සිය ජංගම දුරකතනය පරිහරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

වෛද්‍ය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ බෙලරුස් හි දී විශේෂඥ වෛද්‍යවරුන් විසින් පවත්වනු ලැබීමට නියමිතව තිබිණි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital