මෙවර නත්තලේදී ජේසුස් වහන්සේගේ උපත සිදු වූ බෙත්ලෙහෙමට ලොව පුරා දහස් ගණනක බැතිමතුන් පිරිසක් එක්රොක් වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකක් පුරා දැඩි සංචරණ සීමා පැනවීමෙන් පසුගිය දෙවසරේදීම නත්තල් සමයේ බෙත්ලෙහෙමට බැතිමතුන්ගේ පැමිණීම සීමා වී තිබිණි.
පලස්තීනයේ ඊශ්‍රායල පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ පිහිටි බෙත්ලෙහෙම් නුවර මෙවර නත්තල් සැමැරීම ඉහළින් සිදුවී ඇති අතර, සාම්ප්‍රදායික උත්සව රැසක් කලෙකට පසු මෙවර පැවැත්විණි.
ජෙරුසලමේ සිට ආරම්භ වූ විශේෂ පෙරහැර, තූර්ය වාදන, දැවැන්ත නත්තල් ගස්, ගීතිකා බෙත්ලෙහෙම වර්ණවත් කළ අතර, සියලු යුද ගැටුම් අවසන් වී ලොවට සාමය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් බැතිමතුන් නත්තල් විශේෂ දේව මෙහෙයට සහභාගි වූ බව ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.