Home Life Style බුද්ධි වික්‍රම රඟ මඩලෙන් බැසයයි

බුද්ධි වික්‍රම රඟ මඩලෙන් බැසයයි

by Free News
0 comment

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අද (05) අභාවප්‍රාප්ත වී තිබේ.

ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක හා චිත්‍රපට රංගනයෙන් දායක වූ බුද්ධි වික්‍රම මහතා මිය යන විට 83 වන වියේ පසුවූ අතර මියයන විට ඒ මහතා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතා 1939 වසරේ ජනවාරි මස 19 වන දා ගාල්ල, හීනටිගලදී උපත ලබා ඇත.

ජී ඩී එල් පෙරේරාගේ සාමා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු රෝමියෝ ජුලියට් කතාවක් ,වැලි කතර ,තරංගා ,අන්තිම රැය ,චක්‍රායුධ වැනි චිත්‍රපට වල කැපී පෙනෙන චරිත නිරුපණය කළේය.

ලුෂන් බුලත්සිංහලගේ එක මවකගේ දරුවෝ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පිවිසුන ඔහු කුමාරි හාමි ,තාරා දේවි ,දූ දරුවෝ ,අඹ යහළුවෝ ,ගම් පෙරළිය ,සුසීමා ,හිරුට මුවාවෙන් වැනි ටෙලි නාට්‍ය රැසක රඟපෑවේය.

ඔහු හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සහ මහින්ද විද්‍යාලය වෙතින් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළේ ය.

ඔහු රංගන ශිල්පියෙකු බවට පත් වීමට පෙර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කළේ ය.

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital