Home දේශීය පුවත් බිලිඳා දුම්රියේ දමා ගිය යුවළ රිමාන්ඩ්

බිලිඳා දුම්රියේ දමා ගිය යුවළ රිමාන්ඩ්

by Free News
0 comment

සිය සිඟිති දරුවා මීනගයා දුම්රියේ දමා පලා ගිය යුවළ හෙට (17) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (15) නියෝග කළේය.

ඔවුන්ට විවාහ වීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ඔවුන් දෙදෙනා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

බන්ධනාගාරය විසින් සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ මවුපියන් දරුවා භාර ගැනීමට කැමැති බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය.

දරුවා තවමත් සිටින්නේ ළදරු අවස්ථාවේ බැවින් මවු කිරි ලබා දීම අධිකරණයේ මුඛ්‍ය අරමුණ බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා පරිවාස වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය. දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පරිවාස නිලධාරිනිය අධිකරණයට දන්වා සිටි අතර දරුවාගේ මවුපියන් දුප්පත්කමින් පෙළෙන බවත් නූගත්කම සහ දරුවා ඉපදෙන විට අවිවාහකව සිටීම දරුවා අතහැර යෑමට හේතු වී ඇතැයි ද ඔවුන් ඉන් කම්පා වන බවත් සැකකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital