Home දේශීය පුවත් බිරියට ඉන්සියුලින් වැඩිපුර එන්නත් කර මරන්න හැදූ වෛද්‍යවරයා අත්අඩංගුවට

බිරියට ඉන්සියුලින් වැඩිපුර එන්නත් කර මරන්න හැදූ වෛද්‍යවරයා අත්අඩංගුවට

by Free News
0 comment

මින් කලකට ඉහත ප්‍රසිද්ධියට පත්වූ මැතිව් පීරිස් දේවගැතිවරයා බිරිය මරාදැමීමේ සිද්ධිය සිහිගන්වමින් තම බිරිය මරා දැමීමේ අදහසින් ඉන්සියුලින් අධිමාත්‍රාවක් ලබාදුන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට පත් වීමේ සිදුවීමක් බම්බලපිටියෙන් වාර්තාවී තිබේ.

බම්බලපිටිය පොලීසිය පවසන්නේ දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස ලබාදෙන ඉන්සියුලින් අධිමාත්‍රාවක් බිරියගේ සිරුරට එන්නත් කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගත කරන ලද වෛද්‍යවරයාගේ බිරිය මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.

දරුවන් නොමැති වීම හේතුවෙන් නිතර ආරවුල් සිදු කරගත් වෛද්‍යවරයා බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් එන්නත් විද ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවෙන් ශරීරගතවීම හේතුවෙන් සිහිසුන් වූ බිරිඳ පසුව රෝහල් ගතකර ඇත.

බිරිඳ ,වෛද්‍යවරයා සමඟ ආරවුල් ඇතිකර ගෙන පසුව වෛද්‍යවරයා නිවස මගහැර වෙනම ජීවත්වූ අයකු බවද නිවසට එන්නේ ඉඳහිට බවටද පොලිසියට දැනගැනීමට ලැබී ඇත.මෙම වෛද්‍යවරයාට වෙනත් සම්බන්ධයක් පවතිනබවටසැකයක්ද පොලිසියට මතුව තිබේ.

වෛද්‍යවරයාගේ බිරිය සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ කළුබෝවිල රෝහලට ඇතුලත් කළ පසු මෙම රෝගීවීම සැක සහිත බවට බම්බලපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙම කාන්තාවට ඉන්සියුලින් ඖෂධය අධි මාත්‍රාවක් ලෙස ශරීරගත විම හේතුවෙන් මෙසේ අසනීප වි ඇති බව කාන්තාව පරික්ෂා කළ වෛද්‍යවරුන් විසින් දැනුම් දි ඇත. ඒ අනුව වැඩිදුර විමර්ශනයේදි මෙම කාන්තාවගේ සැමියා විසින් ඉන්සියුලින් ඖෂධය අධි මාත්‍රාවක් ලෙස ශරීරගත කර ඇති වීම නිසා ඊයේ 30 වන දින බම්බලපිටිය පොලිසිය සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වූ ලෙයාඩ්ස් පාර, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ත්‍රිකුණාමලය රජයේ රෝහලේ වෛද්‍යවරයෙකු බවට අනාවරණය වී ඇත.

සැකකරු විසින් ඖෂධ ශරීරගත කිරීමට භාවිතා කල බවට සැකකරන සිලින්ජර් කටුවක්ද සැකකරුගේ නිවසේ තිබී සොයා ගෙන ඇති අතර ඔහු දින කිහිපයකට පෙර මෙම ඖෂධය ශරීරගත කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital