Home දේශීය පුවත් බිත්තර 55ට විකුණන්න එකඟතාවක්

බිත්තර 55ට විකුණන්න එකඟතාවක්

by Free News
0 comment

රුපියල් 55ක මිලක් යටතේ පාරිභෝගික ජනතාවට බිත්තර දීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කරයි.

අවම මිලක් යටතේ පාරිභෝගිකයන් හට බිත්තර දීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් සමඟ ඊයේ (26) පැවති සාකච්ඡාවකදී එම පිරිස මෙසේ එකඟතාවකට පැමිණ ඇත.

මේ වන විට දේශීය වෙළෙඳපොළේ කුකුළු බිත්තර මිල රුපියල් 70 ඉක්මවා යමින් පවතින බැවින් අවම මිලක් යටතේ පාරිභෝගිකයන් හට බිත්තර දීම මෙන්ම කුකුළු බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීමට පියවර ගැනීම මේ සාකච්ඡාවන්හි අරමුණ වී තිබේ.

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමද රජයේ වගකීම බවත් දේශීය කුකුළු බිත්තර කර්මාන්තකරුවන් සාධාරණ මිලකට බිත්තර නොදෙන්නේ නම් අවම මිලක් යටතේ බිත්තර මිලදී ගැනීමට බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

එහිදී අදහස් පළ කළ එම කර්මාන්තකරුවන් ඔවුන් තවමත් බිත්තර සපයනු ලබන්නේ රුපියල් 49ක් හා 55 මිලට බවත් එක්තරා අතරමැදි පිරිසක් විසින් බිත්තර ගබඩා කර තබා ගනිමින් බිත්තර මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව පෙන්වා දී තිබේ. කෙසේ වුවද මේ මස අවසානයේ සිට බිත්තරයක් රුපියල් 55ක මිලක් යටතේ පාරිභෝගිකයන් වෙත සැපයීමට අදාළ කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර ඇත. එමෙන්ම ආරම්භයක් වශයෙන් කොළඹට දිනපතා බිත්තර රැගත් ලොරි 20ක් බැගින් ගෙන්වා ජනාකීර්ණ ප්‍රදේශවලදී පාරිභෝගිකයන්ට අලෙවි කිරීමටත් එමෙන්ම වෙනත් නාගරික ප්‍රදේශවලටද එම කටයුතු ව්‍යාප්ත කිරීමටත් අදාළ කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital