Home දේශීය පුවත් බිත්තර වැටලීම් යළි ඇරඹේ

බිත්තර වැටලීම් යළි ඇරඹේ

by Free News
0 comment

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සහ නිෂ්පාදකයන් සොයා දිවයින පුරා වැටලීම් මේ වනවිට (22) ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති, නීතිඥ ශාන්ත නිරිඇල්ල කියා සිටියේ එම ව්‍යාපාරිකයන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

සුදු බිත්තරයක් රුපියල් 44 ක උපරිම සිල්ලර මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 46 ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු බව දක්වමින් පාරිභෝගික අධිකාරිය පෙරේදා ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව ඊයේ දිනයේ සිට මෙම උපරිම සිල්ලර මිලට යටත්ව බිත්තර අලෙවි කළ යුතු බවයි එහි දැක්වුණේ.

කෙසේ වෙතත්, බිත්තර සඳහා පාලන මිලක් පැනවීම හේතුවෙන් තමන් බිත්තර වෙළඳාමෙන් ඉවත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ඊයේ ප්‍රකාශ කළා.

එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි කියා සිටියේ මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී බිත්තර හිඟයක් ඇතිවිය හැකි බවයි.

මේ අතර, බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එම මිලට බිත්තර අලෙවි කළ නොහැකි බව බිත්තර නිෂ්පාදකයන්ද පවසනවා.

කෙසේ වෙතත්, උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් මේ වනවිට ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, නීතිඥ ශාන්ත නිරිඇල්ල කියා සිටියා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital