එළඹෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ බිස්කට් හා බේකරි කර්මාන්ත නිෂ්පාදන සඳහා ඇති විය හැකි අධික ඉල්ලුම සපුරාලීමට මාර්තු සහ අප්‍රේල් මාස දෙකට සරිලන බිත්තර ප්‍රමාණයක් ආනයනය කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය නිරෝධායන අවසරය ලබාදීමට ‘බිත්තර ආනයනය කිරීම සඳහා නිරෝධායන අවසරය ලබාදීම සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලු නිරාකරණය කිරීම පිණිස පත්කරන ලද නිලධාරී කමිටුව’ නිර්දේශ කර තිබේ.
පසුගිය 8 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේ දී අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබේ.
එම කමිටුවට අගමැති ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩලයේ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් පී.එම්.බී අතපත්තු මහත්වරු අයත් වෙති.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ චෙන්නායි හි Animal Quarantine and Inspection Service of the Department of Animal Husbandry & Dairying වෙතින් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව බිත්තර ආනයනය කිරීමට අපේක්ෂිත ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගොවිපලවල් ආශ්‍රිත ප්‍රදේශවල කුරුළු උණ රෝගී තත්ත්වයක් නොමැති බවට නිකුත් කරන සහතිකය මත පදනම්ව තෝරාගෙන ඇති සැපයුම්කරුවන්ගෙන් අදාළ බිත්තර තොග ආනයනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට අනුමැතිය ලබාදී තිබේ.