බිත්තර ආනයනයට අදාළ ඉන්දීය සැපයුම්කරුවන් ලබා දිය යුතු වාර්තා අද දිනයේ ලැබෙනු ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසනවා.
එම වාර්තා ලැබීමෙන් අනතුරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එය යොමු කිරීමට නියමිතයි.
ටෙන්ඩර් ක‍්‍රියාවලිය යටතේ තෝරාගෙන ඇති ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනාට අද දිනය ඇතුළත අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බව සදහන්.
ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද විගස බිත්තර ආනයන ක‍්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.