ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු 06 කට දඩ නියම කර තිබේ.
ඒ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියාකිරීම හේතුවෙනි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය අදාළ බැංකුවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා එම දඩ නියම කර ඇත.
ඒ අනුව, 2022 නොවැම්බර් 17 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලය තුළ එම බැංකු 6 ට නියම කළ සමස්ත දඩ මුදල රුපියල් මිලියන 5.5 කි.
මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවට රුපියල් මිලියනය බැඟින් දඩ නියම කර තිබෙනවා.
එමෙන්ම, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට නියම කළ දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක්.