Home දේශීය පුවත් බාලවයස්කාර පෙම්වතියව, පෙම්වතා විසින් පැහැරගෙන යයි

බාලවයස්කාර පෙම්වතියව, පෙම්වතා විසින් පැහැරගෙන යයි

by Free News
0 comment

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර පෙම්වතිය ඇයගේ පෙම්වතා විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් තිබී ඇති අතර බාල වයස්කාර පෙම්වතිය එම සබඳතාවය නවතා දැමීම හේතුවෙන් මෙම තරුණයා දිගින් දිගටම ඇයට තර්ජනය කර තිබෙනවා.

ඒ හේතුවෙන් දැරියගේ පවුලේ පිරිස ඇයව මොනරාගල ප්‍රදේශයේ ඥාති නිවසක නතර කිරීමටද කටයුතු කර තිබුණා.

මෙම තරුණයා එම නිවසට ගොස් බාල වයස්කාර දැරියව බලහත්කාරයෙන් රැගෙනගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

වැල්ලවාය පොලිසිය විසින් මේ සම්බන්ධව පරීක්ෂණ අරඹා ඇති අතර මේ වන තෙක් එම දැරිය සම්බන්ධව තොරතුරක් වාර්තා වී නොමැති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital