Home දේශීය පුවත් බස්නාහිර සෞඛ්‍ය අවදානම ඉහළට

බස්නාහිර සෞඛ්‍ය අවදානම ඉහළට

by Free News
0 comment

ලංකාවේ මදුරු කීට ඝනත්වය බ්‍රිටෝ ඒකක 5කට වඩා අඩු අගයක් විය යුතු වුවත්, බස්නාහිර පළාතේ අප්‍රේල් මස සිදුකළ සමීක්ෂණයකට අනුව එය බ්‍රිටෝ ඒකක 30 ඉක්මවා ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ හේතුවෙන් අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දියත් කළ ඩෙංගු මර්දන වැඩසටහන් අතරතුර පිළියන්දල ගමකින් ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන 50කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන තිබේ.

මේ දිනවල පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය මර්දනය සඳහා අදාළ අංශ ක්‍රියාමාර්ග රැසක් ගනිමින් පවතී.

ඒ අනුව අදත් දිවයින පුරා ප්‍රදේශ රැසකදී ඩෙංගු මර්දන වැඩසටහන් පැවැත්වුණි.

පිළියන්දල ඇරව්වල ප්‍රදේශයේ අබේරත්න මාවතේ සිදුකළ ඩෙංගු වැටලීමකදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන 59ක් සොයාගැනීමට නිලධාරීන්ට හැකිවුණි.

එහිදී එක් නිවසක පානීය ජලය ලබාගෙන ඇත්තේ ද ඩෙංගු මදුරු කීටයින් සිටි ළිඳකින් බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

පසුව එම නිවස ඇතුළු තවත් නිවාස 6කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් පියවර ගෙන තිබුණි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital