අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
80 හැවිරිදි බයිඩ්න් ලබන වසරේදී සිය පළමු ධුර කාලය නිමාවට පත් කරන අතර, තවත් වසර 4කට අමෙරිකාවේ මුල්පුටුවට පත්වීමට තීරණය කර ඇත. ඔහු සමඟ උපජනාධිපති කමලා හැරිස් ද නැවත අමෙරිකාවේ උපජනාධිපතිවරිය ලෙස කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
දැනටමත් අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා බවට පත්වී සිටින බයිඩ්න් මීළඟ ජනාධිපතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සහ පෞද්ගලික නිදහස තේමාව කරගත් සටන් පාඨයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබූ අවස්ථාවක රටේ නායකත්වය බාර ගනිමින් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට තමා සමත්වූ බවත්, රටේ ජනතාව තමා කෙරෙහි තබාගත් විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවටත් ඔහු ප්‍රකාශ කර තිබේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද 2024 ජනාධිපතිවරණයට තරග වදින බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.