Home දේශීය පුවත් බදු නොගෙවන අය ගැන කිව්වොත් මුදල් තෑගි

බදු නොගෙවන අය ගැන කිව්වොත් මුදල් තෑගි

by Free News
0 comment

බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබා දෙන බව ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ දේශීය ආදායම් පනතේ 211 වගන්තිය යටතේ බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් සපයන ලද තොරතුරු පදනම් කරගෙන බදු අය කළ විට රැස්කරන ලද ආදායමින් 15%ක් දක්වා එසේ මූල්‍ය ත්‍යාග ලෙස පිරිනමනු ලබන බවයි.

යම් අයෙකු හිතාමතා බදු පැහැර හරින බවට සිතිය හැකි තොරතුරු යම් අයෙක් සතුව තිබේ නම් ඒ සම්බන්ධව රහස්‍ය භාවයෙන් යුතුව තොරතුරු සැපයීමට බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම තොරතුරු මත විමර්ශන ආරම්භ කිරීමටයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විට තීරණය කර ඇත්තේ.

මේ අනුව එකතු කළ අගය මත බදු වංචා, අසත්‍ය නිදහස් කිරීම්, අසත්‍ය අඩුකිරීම්, අසත්‍ය ලියවිලි, වාර්තා නොකරන ලද ආදායම්, අල්ලස්, සදාචාර නොවන ව්‍යාපාරික පරිචයන්, බදු ගෙවීමට අසමත් වීම, වාර්තා ගොනු කිරීමට අසමත් වීම හා කුලී ආදායම් වශයෙන් නෛතික උල්ලංඝණය කිරීම් ගැන ද මෙහිදී තොරතුරු ලබා දීමට හැකියාව පවතිනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital