රට පුරා විසිරී සිටින බදු දැලට හසුකරගත නොහැකි පිරිස් හඳුනා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ එක්ව නව සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව බදු දැලට හසුකරගත නොහැකි පිරිස් හඳුනා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ප්‍රාදේශීය පරිපාලන ඒකකයන්හි සේවය කරන නිලධාරීන්ගේ සේවය ලබා ගෙන සම්බන්ධීකරණයක් ගොඩනැඟීමට කටයුතු කරන බව මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී ප්‍රාදේශීය පරිපාලන ඒකක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ඇතිකරලීමට එකඟතාවය ලබා ගැනීමේ සාර්ථක සාකච්ඡා වටයක් මුදල් අමාත්‍යාංශයේදී ඉකුත්දා පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රධාන පිරිස සමඟ පැවැත්වූ සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න යන මහත්වරු ප්‍රධාන නිලධාරී පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක පවතින මේ අවස්ථාවේ හුදෙකලා තීන්දු තීරණ ගැනීමට අහිතකර බවයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමි රටවල යෝජනාවන්ට අභියෝග නොවන පරිදි තීන්දු තීරණ ගතයුතු බව ද ඔහු කීය.
ජනප්‍රිය තීන්දු ගැනීම වෙනුවට රටේ ඉදිරිය ගැන සිතා වැදගත් තීන්දු ගැනීම මේ අවස්ථාවේ රජයේ වගකීමයි. මැතිවරණ වේදිකාව තුළ ඇතමුන් රටේ අර්බුද විහිළුවට ගෙන තිබීම කනගාටුවට කරුණක්. ආර්ථික අර්බුදය විසඳීම සඳහා කිසියම් පාර්ශ්වයක් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ට රජය හෝ පරිපාලනය භාරදීමට සූදානම් බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.